ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා විලකින් මතුවෙයි

ලොව විශාලම ගෝල්ෆිෂ් මත්සයා විලකින් මතුවෙයි

ලොව විශාල විශාලතම ගෝල්ඩ්ෆිෂ් (goldfish) වර්ගයේ මත්ස්‍යයකු සිය ඇමට හසුකර ගන්නට ප්‍රංශයේ මත්සයින් අල්ලන්නෙකු සමත් වී තිබෙනවා

“කැරට්” ලෙස හඳුන්වන මෙම රන්වන් පැහැති මත්ස්‍යයා ප්‍රංශයේ ෂැම්පේන් හි බ්ලූවෝටර් විල වෙත ට මුදා හැර ඇත්තේ මීට වසර විස්සකට පමණ පෙරයි.

එතැන් පටන් අවස්ථා කිහිපයක දී පමණක් කැරට් දර්ශනය වූ බව එම විල අවට විනෝදාස්වාදය සඳහා මත්ස්‍යින් අල්ලන විනෝදකාමී පවසනවා.

කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළදී කැරට් කිසිදු මසුන් අල්ලන්න කුගේ ඇමට හසු වී නැහැ.

කිලෝග්‍රෑම් 30ක් බරැති ලෙදර් කාප්-කෝයි දෙමුහුන් වර්ගයේ මෙම මත්ස්‍යයා සිය ඇමට හසුකරගැනීමට වාසනාවන්ත වූයේ ඇන්ඩි හැකට් නැමති 42 හැවිරිදි මසුන් අල්ලන්නෙක්.

ගෝල්ඩ් ෆිෂ් යනු සාමාන්‍යයෙන් නිවෙස්වල කුඩා මින් මැදුරුවල ජීවත් වන කුඩා මත්ස්‍යයෙක් වන අතර මෙම සත්වයා විනෝදාස්වාදය සඳහා මත්ස්‍යයන් ඇතිකරන පුද්ගලයින් අතර අතිශය ජනප්‍රිය මත්ස්‍යය ප්‍රභේදයක්.

කෙසේවෙතත්, වසර 20ක් වයසැති කිලෝ තිහක් පමණ බර ඇති මෙම මත්ස්‍යයා අල්ලා ගැනීම සඳහා හැකට් හට විනාඩි 25 කට වඩා වැඩි කාලයක් වැය වී නැහැ.

මෙම අල්ලා ගැනීම සැලකෙන්නේ “ලෙදර් කාප් සහ කොයි යන දෙමුහුන් විශේෂය” අතර, මෙතෙක් අල්ලා ගන්නා ලද දෙවන විශාලතම මත්ස්‍යයා ලෙසින්.

https://bit.ly/3Xoo0Pf