විදුලි බිල යළි වැඩි වෙයිද ?

විදුලි බිල යළි වැඩි වෙයිද ?

විදුලි බිල නැවත වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලබන බවත් ඒ හේතුවෙන් විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කළ යුතු බවයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් පැවසුවේ,

කංචන විජේසේකර වැඩි දුරටත් දැක්වූ අදහස්,

“කවුරු මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණත්. කවුරු මේ රටේ මුදල් ඇමතිවරයා බවට පත් කළත්. කවුරු මේ රටේ ආණ්ඩු කළත්. මේ විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කරන් නැතුව යන්න පුළුවන් කමක් නෑ. උපකල්පනය කරලා තියෙන්නේ ලබන අවුරුද්ද මේ අවුරුද්දවගේ වර්ෂාපතනයක් අපිට ලැබෙන්නේ නෑ කියලා. අපි අඛණ්ඩව පැය 24ට අපි විදුලිය ලබා දෙනවා නම් විදුලි බල මණ්ඩලය ගන්න කරලා තියෙනවා සාමාන්‍යයෙන් ඒකකයට රුපියල් 56යි සත 90ක් වැය වෙනවා. අය කර ගන්නේ දැන් තියෙන විදිහට රුපියල් 29යි. 27යි සත 10ක පාඩුවක් තියෙනවා. ඉන්ධන ටික ගන්න ඕනේ. ගල් අඟුරු ටික ගන්න ඕනේ. දැවි තෙල් ටික ගන්න ඕනේ. ඒවා කවුරුවත් ඇවිල්ලා ණයට දෙන්නේ නෑ. මේක කරන්න නම් නැවත වතාවත් සංශෝධනයක් යන්න වෙනවා.ඉන්ධන මිල පිළිබඳව තීන්දු තීරණ නොගැනීම නිසා පාඩු පිට පාඩු ලැබුවා.” යනුවෙන්