අමරවිරගෙන් මෛත්‍රීට අභියෝගයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට ( 30 ) පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එජනිස සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


