ජනපති රනිල්, සජිත්ට පරාභව සූත්‍රය ගැන කියා දෙයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුණහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.
මේ අතර දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් ලබා දෙමින් පැවසීය.
විපක්ෂ නායක තුමා පරාභව සූත්‍රය ඇසුරින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේදී ධර්මය සහ සංඝයා යන කාරණා දෙක මිශ්‍ර කරගෙන ඇතැයි කී ජනාධිපතිවරයා පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සඳහනක් කර නැතැයි ද කීය.

