චීනයේ විරෝධතා උණුසුම් වෙයි

කොවිඩ් නීති රිතිවලට එරෙහි ව චීනයේ පවතින විරෝධතා මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ෂැංහයි ඇතුළු නගර රැසක මේ වන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව යි.
නව කොවිඩ් රැල්ලත් සමඟ චීන බලධාරීන් කොරෝනා නිතිරීති දැඩි කරමිනුයි සංචරණ සීමා පනවනු ලැබුවේ.
මෙම නීතිරීති වලට එරෙහිව යි ජනතාව වීථි බැස විරෝධතාවල නිරත වන්නේ.
කොවිඩ් නීති පැනවීමෙන් පසුව ගොඩනැගිල්ලක සිටි 10 දෙනෙකු ගින්නකට හසුව මිය ගොස් තිබුණා.
ජනතාව චීන පරිපාලනයට චෝදනා කළේ ඔවුන්ගේ කොරෝනා නීති හේතුවෙන් පිටතට පැමිණීමට නො හැකි ව මොවුන් මරණයට පත් ව ඇති බව යි.
https://www.pbs.org/newshour/world/china-eases-zero-covid-rules-after-wide-protests-of-lockdowns

