මත් ටොෆි, මත් ලොලිපොප්, ලෙස පාසල්වලට මත්ද්‍රව්‍ය මාරයා පැමිණීමේ ඉඩක්

“මත් ටොෆි, මත් චොකලට්, මත් ලොලිපොප් සහ ටැබ්ලට්” වැනි විවිධ ආකාරයට පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන් යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසයි.
මේ නිසා දෙමාපියන් නිරන්තරයෙන්ම මේ පිළිබඳවත්, ඒවා භාවිත කිරීමෙන් සිදුවන ආදීනව ගැනත් දැනුවත් කිරීම ඉතා වැදගත් බවත් පාසල් යන තම දරුවන් ගැන දෙමාපියන් නිතර විමසිලිමත් වීම ඉතා වැදගත් බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ.
ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණි.

