විදුලි බිල යළි නගී

විදුලි බිල යළි නගී

නොවැම්බර් 30 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංවිම ට අනුමැතිය ලබා දී ඇති අතර අදින් පසු විදුලි කප්පාදුවකට අනුමැතියක් ලබා දී නැහැ.

එමෙන්ම නොවැම්බර් 25 වැනිදා පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ද මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

එදින අනුමත කර තිබුණේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් පමණයි.

මේ අතර වත්මන් පාඩු පියවා ගැනීම සඳහා 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී අදියර 2ක් යටතේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ලංවිම දැනට විවිධ පාර්ශ්වවලට ආසන්න වශයෙන් රුපියල් බිලියන 650ක් ණය වීම හේතුවෙන් 70%කින් විදුලි ගාස්තු වැඩි කරන ලෙස ලංවිම ඉල්ලා සිටිනවා.

කොස්වෙතත් මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් දැනට සළකා බලා නොමැති බවයි.