වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි අද රටටම ඔප්පු වෙලා – විපක්ෂ නායක

වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි අද රටටම ඔප්පු වෙලා – විපක්ෂ නායක

ගුරුන්ටත් අකුරු වරදින බවත් රනිල් වික්‍රමසිංහ මහතා අංගුලිමාල ගැන පාර්ලිමේන්තුවේදී කියූ වැරදි කතාව නිවැරදි කළ යුතු බව ත් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. 30) පැවසීය.

එමෙන් ම ජනාධිපති කියූ ආකාරයට කවුද වසලයා කවුද බ්‍රාහ්මණයා යන්න අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායකයා පෙන්වා දුන්නේ ය.

අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් සේ ම බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි බවත් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිසබයේදී (29) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදී ය.