ISIS සංවිධානයේ ලොක්කා මරුට

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.
එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු මියගිය දිනය හෙළිකර නැතත් සටනක දී මියගිය බවට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කර ඇත්තේ ඔක්තෝම්බර් මැද භාගයේ දී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ඝාතනය කර බවයි.
මෙම වසරේ පෙබරවාරී මාසයේ දී අයි.එස්.අයි.එස් සංවිධානයේ හිටපු නායක අබු ඊබ්‍රහිම් මිය යාමෙන් පසු අබු හසන් අල් හෂිම් එම සංවිධානයේ නායකයා බවට පත්වුණා.

