අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව රාත්‍රී දහයේ සිට හෙට පස්වරු එක දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11, 12, 13 , 14 සහ 15 ප්‍රදේශවලට යි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නව සම්ප්‍රේෂණ නළ එළීමක් මෙලෙස ජල කප්පාදු කිරීමට හේතු වී තිබෙනවා.

COMMENTS