ගෙදර ගියපු රනිල් ජනාධිපති, ජනාධිපති වෙච්ච ගෝඨා ගෙදර ගිහින් – අනුර දිසානායක

ගෙදර ගියපු රනිල් ජනාධිපති, ජනාධිපති වෙච්ච ගෝඨාභය ගෙදර ගිහින් ඇති බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබල වේගය සංවිධානය කළ රැලියක් අමතමින්,
එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස්,
“පහුගිය ජනාධිපති ඡන්දයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ බැංකුව මංකොල්ල කෑවා, අර්ජුන මහේන්ද්‍රන් එක්ක ඒක නිසා පොහොට්ටුවේ අය කිව්වා. රනිල්ව හිරේ යවන්න, අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇඳ ගෙන එන්න, රනිල්ව ගෙදර යවලා ගෝඨාභය ගේන්න කිව්වා. රනිල්ව ගෙදර යවලා ගෝඨාභයව ගෙනාවා මහ බැංකු මංකොල්ල කාරයන්ට දඬුවම් දෙන්න.
රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය වික්කා, පොහොට්ටුවේ කට්ටිය ඇවිල්ලා කිව්වා, රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය වික්කා විකුණපු වරාය පවර ගන්න රනිල්ව ගෙදර යවන්න ගෝඨාභයව ගේන්න කියලා.
පාස්කු ප්‍රහාරය සිද්ධවුණා, දෙසිය හැට ගණනක් මිය ගියා. පන්සීය ගණනක් තුවාල වුණා, රනිල් වික්‍රමසිංහට ආරක්ෂාව දෙන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න රනිල්ව ගෙදර යවන්න ගෝඨාභයව ගේන්න කිව්වා. ජනතාව පොහොට්ටුවට කතිරේ ගැහුවේ ඇයි ? රනිල්ව ගෙදර යවන්න, දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ගෙදර ගියපු රනිල් ජනාධිපති, ජනාධිපති වෙච්ච ගෝඨාභය ගෙදර ගිහින්,” යනුවෙන් පැවසීය.

