සරසවි කඩඉම් ලකුණු එළියට

සරසවි කඩඉම් ලකුණු එළියට

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ, කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 44,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

කඩඉම් ලකුණු www.ugc.ac.lk වෙබ් අඩවියෙන් පළ කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.