තොරතුරු තාක්ෂණවේදීන් බර ගණනක් රට හැර ගිහින්

තොරතුරු තාක්ෂණවේදීන් බර ගණනක් රට හැර ගිහින්

තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා.

ඊයේ (03) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති දමිත් හෙට්ටිහේවගේ කියා සිටියේ බදු පැනවීම තුළින් තොරතුරු තාක්ෂණවේදීන් පත්වූ අපහසුතා හේතුවෙන් මෙලෙස ඔවුන් රට හැරයාමට කටයුතු කර ඇති බවයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රමබලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000 ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000 ත් 9000 ත් අතර පැවති බව කී හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලන කිරීමට බදු සහන ඇතුළු සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS