දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට – දෙමාපියන්ගේ අවදානයට

දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට – දෙමාපියන්ගේ අවදානයට

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් වාර්තාවන බවත් දරුවන් මේ කෙරෙහි යොමු වීමක් ද හඳුනා ගෙන ඇති බවයි.

මේ හේතුවෙන් දරුවාගේ හැසීරිම් රටාවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් , දරුවන්ගේ නිදිබර ස්වභාවයන් හෝ වෙනදාට වඩා වෙනස් දිනචර්යාවන් පවතී නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු දෙමාපියන්ට අවධාරණය කර තිබේ.

අන්තර්ජාලය ද සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පෙන්වා දී තිබේ.