සේවා කිහිපයක් අත්‍යවශ්‍ය කරමින් ගැසට්ටුවක් එළියට

තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
ජනාධිපතිවරයාට 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි එම නියමයන් ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඒ අනුව, විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි, ජනාධිපතිතුමාගේ නියමයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

