සංචාරකයන්ගේ ආරක්ෂාවට අලුත් APP එකක්

ලබන වසරේදී සංචාරකයින් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ සැලසුම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක්ද හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
එය ලබන ජනවාරි මාසයේ දී භාවිතයට ගැනීමට නියමිතයි.
මෙම යෙදවුම මඟින් සංචාරකයින්ගේ කැමැත්ත පරිදි ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාගැනීමට ද නියමිතයි.
ඒ තුළින් ඔවුන් අතරමං වුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ හරහා පියවර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

