රනිල් ජනාධිපති කිරීම සුදුසු තීරණයක් – බැසිල් රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම ඉතා සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා.
පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දිය යුතුයි යන මතයේ තමන් සිටි බව පෙන්වා දෙන ඔහු මේ වනවිට එවැනි වාතාවරණයක් රටේ පවතින බවත් සියලු පාර්ශව සඳහා නිදහසේ දේශපාලනය කිරීම වෙනුවෙන් අවස්ථාව දියයුතු බවත් පෙන්වා දුන්නා.
හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.
ප්‍රශ්නය – ඉදිරි වැඩපිළිවෙල කොහොම ද?
පිළිතුර:- ඒක කිව්වොත් එහෙම ඔයාලා පත්තරේ දැම්මහම වැඩක් නෑනේ. මෙහෙමයි දැන් නිල වශයෙන් බැලුවොත් මැතිවරණයකට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතිං ඒක කොයි විදියට සිද්ධ වෙයිද දන්නේ නෑ. අපි පක්ෂයක් හැටියට සුදානම් ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න.
ප්‍රශ්නය – ඉදිරියේ දී ඔබතුමා ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා ද?
පිළිතුර:- රාජ්‍ය පාලනයේ නෑ මම. දැන් රාජ්‍ය පාලනය තහනම් කරලත් තියෙනවානේ 21 වැනි සංශෝධනයෙන්. රාජ්‍ය පාලනයේ නෑ. නමුත් දේශපාලනයේ ඉන්නවා.
ප්‍රශ්නය – ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන මොකද්ද හිතෙන්නේ ?
පිළිතුර:- මහජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභයව ජනාධිපති කළා. එයා ඉල්ලා අස්වුණා. එතකොට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් තෝරගන්න ඕනේ. ඒ වෙලාවේ අපි තීන්දු කළා ඉතාම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරගන්න. ඒ තෝරා ගැනීම නිවැරදියි කියලා මට හිතෙනවා. මොකද පක්ෂ විපක්ෂ හැමකෙනෙක්ටම නිදහසේ දේශපාලනය කරන්න ඉඩසලසා දිය යුතුයි.
ප්‍රශ්නය – රට හොඳ දිසාවට ගෙනියන්න හැකියාවක් ලැබෙයි ද මේ ජනාධිපතිතුමා ඇතුළු රජයට ?
පිළිතුර:- පළවෙනි දේ කළානේ. අපිට දේශපාලනය කරන්න, මහ පාරට බහින්න අවස්ථාව ලබාදුන්නා. ආර්ථිකය හා අනෙකුත් ප්‍රශ්න විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ පක්ෂයේ සභාපතිතුමා කවුද?
පිළිතුර:- දැනට නිල වශයෙන් ඉන්නේ ජීඑල් පීරිස් මහත්තයා.
ප්‍රශ්නය – එතුමා වෙන පැත්තකට ගිහිල්ලා ඉන්නවානේ අර හිටගෙන ?
පිළිතුර;- අපේ පක්ෂයේ ස්ලෝගන් එක තමා වෙනස් වෙන්න හිතන්න, බිය නොවන්න කියන එක. ඒක ඕනවාට වැඩිය කියලත් මට හිතෙනවා. දැන් ඔක්කෝමල්ලාම වෙනස්ව හිතලා තියෙන්නේ. යනුවෙන්

