පින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය අද

පින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය අද

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

සිරිමා බෝ සමිඳුන් වැඩමවීමත් මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උඳුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදී ය.

දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම ආගමික වතාවත් සංවිධානය කර අතර වසරේ අවසන් පොහෝ දිනය වන අද ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවත්හු දාන, සීල, භාවනාදී පිං දහම්වල නිරත වෙති.

මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

COMMENTS