රාජ්‍ය දේපොළ විකුණලා හරී ඩොලර් හොයා ගන්න වෙනවා – බන්දුල ගුණවර්ධන

රාජ්‍ය දේපොළ විකුණා හෝ ඩොලර් අර්බුදය විසඳා නො ගත හොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළහි මිල දී ගැනීම් කිරීම අපහසු වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා;
රට තුළ පවතින විදෙස් සංචිත ගොඩ නඟන්නට කටයුතු නො කරන්නේ නම්, මොන ම හෝ දේපොළක් විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බව යි ඔහු සඳහන් කරන්නේ.
එසේ නොමැති වුව හොත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නට හැකියාවක් නොමැති බවත් හා එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතු වන බවත් බන්දුල ගුණවර්ධන අවධාරණය කරනවා.
ලංකාව අනිවාර්යයෙන් ම විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 03ට වැඩි මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසනවා.
රටේ කුමන හෝ වත්කම් අලෙවි කිරීමට කටයුතු කර අය-වැයේ පවතින අර්බුදය සමනය කිරීමට කටයුතු කළ යුතු බව යි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු ඊයේ (06) පැවසුවේ.
එවන් වත්කම් අලෙවි කිරීමේ දී ඉතා ප්‍රවේශමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් හැකි උපරිමයෙන් විදේශ ආයෝජන රට තුළට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් බන්දුල ගුණවර්ධන අවසාන වශයෙන් සඳහන් කරනවා.

