අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.
මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එහිදී වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැත.
මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

