වසරේ පුද්ගලයා “සෙලෙන්ස්කි” වෙයි – ටයිම් සඟරාව

වසරේ පුද්ගලයා “සෙලෙන්ස්කි” වෙයි – ටයිම් සඟරාව

2022 වසරේ පුද්ගලයා ලෙස “ටයිම් සඟරාව” යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ආත්මය නම් කර තිබෙනවා.

මෙම සම්මානය පසුගිය මාස 12 තුළ ගෝලීය සිදුවීම් කෙරෙහි වැඩි ම බලපෑමක් කළ බවට සැලකෙන සිදුවීමකට හෝ පුද්ගලයෙකුට යි හිමි විය යුතු ව තිබුණේ.

අනෙකුත් අවසන් තරගකරුවන් අතර ඉරානයේ විරෝධතාකරුවන්, චීනයේ නායක ෂී ජින්පින් සහ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ද ඇතුළත් වුණා.

සඟරාවේ කතුවරයා පැවසුවේ මෙම තීරණය සදානුස්මරණෛඉය තීරණයක් බව යි.

‘යුක්රේනයේ ආත්මය’ තුළ ලොව පුරා සිටින යුක්රේනියානුවන් ගැන හා තිරය පිටුපස සටන් කළ බොහෝ දෙනෙකු ද ඇතුළත්.

මෙයට අමතර ව යුක්රේනියානුවන්ට දහස් ගණන් නොමිලයේ ආහාර සැපයූ සූපවේදියෙකු වන Ievgen Klopotenko සහ අල්ලා ගන්නා ලද හා පසු ව රුසියානු වහල්භාවයේ මාස තුනකට පසු නිදහස් කරන ලද වෛද්‍ය Yuliia Payevska වැනි අය ඇතුළත් වනවා.

කාලීන නායකයෙකු ලෙස සෙලෙන්ස්කිගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ධෛර්යවන්ත බව ලෙස යි සඟරාව සඳහන් කරන්නේ.

යුද්ධයේදී තුවාල ලැබූවන්ට උපකාර කිරීම සඳහා යුක්රේනයට ගිය බ්‍රිතාන්‍ය කම්පන ශල්‍ය වෛද්‍ය ඩේවිඩ් නොට්, සඟරාවේ කවරයේ ඇතුළත් තවත් කිහිප දෙනෙකුගෙන් කෙනෙක්.

අනෙකුත් අතීත ජයග්‍රාහකයන් වන්නේ, ජර්මනියේ හිටපු ආඥාදායක 1938 දී ඇඩොල්ෆ් හිට්ලර් සහ 2007 වසරේ පුද්ගලයා වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්.

https://bbc.in/3iLaKo5