විදුලි බිල වැඩි කරන්න වෙනවා, PUCSL සභාපති ජනතාව නොමග යවනවා

විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත් එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.
මුදල් ,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ඔහු පිළිබඳවත් ඔහු කළ ප්‍රකාශ පිළිබඳවත් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් පනත අනුව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ජනපතිවරයා කියා සිටියා.
“මේකේ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි.මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. ඒහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.
මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් එතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.
මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙන්වන්නේ. ඒතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර විදුලි බිල වැඩිවුණාම ඒතුමගේ වියදම් වැඩිවෙනවා.
මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕනේ මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.
එමෙන්ම විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන බවත් ඒසේ නොවන්නේ නම් මුදල් මුද්‍රණය කිරීමට හෝ වැට් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අපි අගෝස්තු මාසයේදී විදුලි බිල වැඩි කළා.ඒක මදි. රුපියල් බිලියන 151ක අලාභයක් ලැබෙන්න තිබෙනවා. 2013ඉදලා අපේ සම්පූර්ණ අලාභය බිලියන 300යි. අපිට බිලියන 300ක් හොයන්න තියෙනවා.
ලබන වසරේදී නියගයක් තිබෙනවා. නියගය තිබුණොත් අපිට රුපියල් බිලියන 420ක් අවශ්‍යයි. වර්ෂාප ලැබුණොත් බිලියන 352ක් අවශ්‍යයි. වැඩි වර්ෂාව ලැබුණොත් බිලියන 295ක් අවශ්‍යයි.
අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා.
තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත් කමක් නෑ විදුලි බලය නවත්වන්න එපා කියලයි.
අපි මේ ගැන කථා කළා. කවුරුවත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි දේශපාලනයේ ඉන්නේ. මොකක්ද අපිට තියෙන විකල්පය. අලාභය නිසා පිටින් ආධාර ගන්න බෑ. අපි අකමැත්තෙන් හරි මේක කරන්න වෙනවා.
ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ් නිසා අනාගතය හොඳ වෙනවා. 2013 ඉදලා විදුලි බිල වැඩි කළේ නෑ. හැමෝම වග කියන්න වෙනවා.” යනුවෙන්

