වායුගෝලයේ දූවිලි අංශුවල අඩුවක්

වායුගෝලයේ දූවිලි අංශුවල අඩුවක්

වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, බෙංගාල බොක්ක අවට අඩු පීඩන තත්ත්වය නිසා ඇති වූ වාසුලියේ සුළං දිශාව වෙනස් වීමත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි.

ඊයේ (08) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 – 200 ත් අතර අගයක් දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

COMMENTS