මම මෙතැනින් ගියොත් ඔය 53 දෙනත් ගෙදර – ඩයනා ගමගේ

මම මෙතැනින් ගියොත් ඔය 53 දෙනත් ගෙදර – ඩයනා ගමගේ

තමන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැත්නම් විපක්ෂයේ 53 දෙනාගේම සමඟි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළාය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරිය එසේ පැවසුවාය.

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්

සජබයේ දෙවැනි වසර සැමරීමට සූදානම් වන බවට දැන ගන්න ලැබුණා. මම කියන්න කැමතියි මේ පක්ෂයට දෙවැනි වසරක් නොමැති බව. අපේ ජාතික පෙරමුණට දාහත් වසරක් ගත වෙනවා.

ත්‍රෛලෝක විජය පත්‍ර නම් මම ගෙනා යෝජනාව පිළිගත් එකට ජනාධිපතිවරයාට මම ස්තුතිවන්ත වෙනවා. රටට කොතරම් ඩොලර් ප්‍රමාණයක් ගෙනා හැකි ද කියලා ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබෙනවා. මම සභාවේ නොසිටි අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මගේ නම කියමින් මම ගැන කතා කර තිබුණා. අධිකරණයේ පැවතීගෙන යන නඩුවක් ගැන තමයි ඔවුන් කතා කර තිබුණේ. විවිධ ලිපි ලේඛන මෙතැනට ගෙනැවිත් කතා කළා. ඒවා ඇත්ත ද බොරු ද කියලා ඔවුන් දන්නෙත් නැහැ. මාධ්‍ය සංදර්ශන සඳහා තමයි ඔවුන් එහෙම කරලා තිබෙන්නේ. අධිකරණයේ තිබෙන නඩුවක් නිසා මම මේක ගැන කතා කරන්නේ නැහැ. අධිකරණයක පැවතීගෙන යන නඩුවක් මේ සභාව තුළ කතා කරන්න බැහැ. මගේ පුරවැසිකම ගැන හොයන අයට මම කියන්න කැමතියි මට පුරවැසිකමක් නොමැති නම් ඔය 54 දෙනාටම ඔතැන ඉන්න බැහැ. ඒක මතක තබා ගන්න. ඔය පක්ෂයේ මම මහලේකම් වෙලා සිටි විදියට ඔය සියලු දේම අහිමි වෙනවා. කුඩුකාරයන් ආරක්ෂා කරන මුජිබර් මන්ත්‍රීතුමා, කසිප්පු ස්කාගාරයක් කරගෙන යන නලීන් මන්ත්‍රීතුමා මේ සියලු දේම අපි දන්නවා. ඒ නිසා මට ඇඟිලි දික් කරන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (ස.ජ.බ.)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් විදියට සඳහන් කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ලියූ ලිපියක් කථානායකතුමාට මම ලබා දුන්නා. මගේ නම කීමට එයාට අයිතියක් නැහැ.

ඩයනා ගමගේ,

ඔබතුමා අධිකරණයත් නොවෙයි. ඔබතුමා නීතිඥවරයාත් නොවෙයි. ඔබතුමා නඩුකාරයත් නොවෙයි. ඒක නිසා ඒ ගැන කතා කරන්න ලැහැස්ති වෙන්න එපා. අධිකරණයෙන් ඒක බේරාගමු. මට ඔය සියලු දෙනාටම කියන්න තිබෙන්නේ එකයි. වැඩි දවස් යන්න කලින් මන්ත්‍රී ධුර ටික ගැන බලා ගන්න.

මම මෙතැනින් අයින් වුණා කියමු. ඔය 53 දෙනත් ගෙදර තමයි. මතක තියා ගන්න. සජබයේ දෙවැනි වසර සමරන්න යනවා කියලා ඔවුන් කියනවා. දෙවැනි වසරක් නෑ මේකට. මේක අපේ ජාතික පෙරමුණ. මේකට දෙවැනි වසරක් නැහැ. මේක දාහත් වසරක පක්ෂයක්. සජිත් ජලනි බලවේගය කියලා මේක හදා ගත්තාට මේ පක්ෂය අපේ ජාතික පෙරමුණ. ආර්යාව කියා ගත්ත ජලනි තමයි මේ පක්ෂය පාලනය කළේ. තව දවස් දෙකක් දෙන්න මට. ලබන සතිය වන විට මොකද වෙන්නෙ කියලා බලා ඉන්න. මෙච්චර කල් මම ඉවසාගෙන හිටියනේ. එක එක්කෙනා දාලා යූටියුබ්වලින් කතා කරන්න ලැජ්ජා නැද්ද. ඔය 53 දෙනාට වීසා දුන්නේ මම. එහෙම දුන් මට වීසා එකක් තියා ගන්න බැරිද? වීසා දීම ගැන අඩු ගණනේ ගුණයක් තියා ගන්න. මාව වට්ටන්න බැහැ. වැටෙන අය ළඟදීම බලා ගන්න පුළුවන්. ඔතන වාඩිවෙලා ඉන්නවා ඔබලාගේ මහලේකම්. කෝ එයා.

අධිකරණයේ තිබෙන නඩුවක් ගැන මෙතැන කතා කරන්න එපා. මගේ පුරවැසිකම ගැන කතා කරනවා නම් ඔය පක්ෂය නලින් වයිඩ්. ඉස්සර වෙලාම නීතිය දැන ගන්න. ලැජ්ජා නැති නායකයා. යනුවෙන්