ප්‍රබල බ්‍රසීලයේ පාපන්දු ලෝක කුසලාන සිහිනය ක්‍රොඒෂියාව සුන් කරයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරඟයේදී දඬුවම් පහර විදීමේ දී බ්‍රසීලය ගෝල 4-2 ලෙසින් පරාජය කළ ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනේ පස් වරක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් බ්‍රසීලයේ ලෝක කුසලාන ගමන නිමා කරමින්.
කටාර් රාජ්‍යයේ Education city ක්‍රීඩාංගණයේ පැවැති මේ තරඟයේ සම්පූර්ණ කාලයේ නිමාවූයේ කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට ලැබුණු අවස්ථා සම්පූර්ණ කර ගැනීමට නොහැකිවීමෙන්.
තරගයේ පළමු භාගයේ දී බ්‍රසිල කණ්ඩායමට ගෝල වාර්තා කර ගැනීමට අවස්ථා කිහිපයක් ලැබුණත් ඒවා සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුනේ නැහැ.
මේ අනුව තරඟයේ තීරණයක් ලබා ගැනීම සඳහා අතිරේක කාලයක් වෙත යොමුවන්නට තරග තීරකවරුන් තීරණය කළා.
ඒ අනුව අතිරේක කාලයේ පළමු අර්ධයේ අවසන් විනාඩියේදී බ්‍රසීලය පුන පුනා බලා සිටි එම ගෝලය වාර්තා කරන්නට ඔවුන්ගේ සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර් සමත්වුණා.
නමුත් තරගයේ 117 වැනි විනාඩියේදී ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ බෘනෝ පැට්කොවික් තරගයේ ගෝල තත්ත්වය සම කළා.
ඒ අනුව තරගයේ අතිරේක කාලය නිමා වූයේ ද කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවෙමින්.
2022 ලෝක කුසලාන පාපන්දු තරග තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම කවරෙක් ද යන්න තෝරා ගැනීම් සඳහා දඩුවම් පහර වෙත යොමුවන්නට සිදුව වන්නේ ඒ අනුවයි.
මෙහිදී ක්‍රොඒෂියාව සිය පළමු දඬුවම් පහර හතරම නිවැරදි ඉලක්කයට යොමු කළ අතර බ්‍රසීලයේ පලමු දඬුවම් පහර ක්‍රොඒෂියානු දැල රකින්නා විසින් රැක ගත් අතර සිව් වැනි දඬුවම් පහර නිවැරදි ඉලක්කයට යොමු වූයේ නැහැ.
මේ අනුව තරඟය නිමා වූයේ 2018 ලෝක කුසලාන අනු ශූරයන්ට මෙවර ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු තවදුරටත් ඉතිරි කර තබමින්.






