මේ දිනවල පවතින අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගන්න

මේ දිනවල ලංකාවට බලපා ඇති දූවිල සහ ශීත කාළගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුල පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමනී ජයවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින ශීත කාළගුණයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවයි.
මේ අතර මෙරටට බලපෑම් එල්ල කළ මැන්ඩවුස් සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා.
මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා ද බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

