සජබය බලය පෙන්වයි

සමගි ජන බලවේගයේ දෙවන සංවත්සර සමුළුව අද (11) පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ, පෙරලියට මග කියන කරළියට ගොඩවන්න යන තේවාම සමගිනි.
එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බවය.
25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශක්තියක් වෙන පරිදි මෙම සම්මේලනය සංවිධානය කර තිබෙන බවද ඔහු පවසයි.
එමෙන්ම සජබය සමග මිත්‍ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

