ශ්‍රී ලංකාවේ වායු දූෂණය මේ වනවිට අඩු තැනක

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද (11) උදෑසන වනවිට ඊයේ (10) දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස ඊයේ (10) පස්වරුවේ අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වනවිට එම අගය 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෑගල්ලේ එම දර්ශක අගය දැක්වෙන්නේ ඒකක 22ක් ලෙසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ද එම තත්ත්වය ඒකක 42ක් ලෙස දැක්වෙනවා.
කෙසේ වෙතත්, යාපනයේ වායුගුණාත්මක දර්ශකයේ අගය ලෙස 44ක් දැක්වෙන අතර, එය ද සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

