සිව් මහා නගර යා කරන ආර්ථික කොරිඩෝවක්

භෞතික සම්පත් සංවර්ධනය සඳහා සිව් මහා නගර ලෙස කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය යන නගර හඳුනාගෙන තිබෙනවා.
එම නගර යා කරමින් ආර්ථික කොරිඩෝ 9 ක් හඳුනාගෙන ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ වනවිටත් මෙම සංවර්ධන සැළැස්ම සකස් කිරීම සඳහා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
ඊට අමතරව දඹුල්ල, මහනුවර සහ ගාල්ල නගර සංවර්ධන කටයුතු ද කඩිනම් කර තිබෙනවා.

