විමල්ගේ උත්තර ලංකා සභාගය පුංචි ඡන්දයට තනිවම සටනට

විමල්ගේ උත්තර ලංකා සභාගය පුංචි ඡන්දයට තනිවම සටනට

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා උත්තර ලංකා සභාගය තනිව තරඟ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවැති එම සභාගයේ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී උත්තර ලංකා සභාගයේ උප සභාපති උදය ගම්මන්පිල කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික හමුව සඳහා තම සභාගය සහභාගි නොවන බවයි.

දේශපාලන විසඳුමක් සඳහා සියලු පක්ෂ සමඟ සාකච්ඡා කිරිමට සුදානම් බවට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට අනුවයි අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ මෙම හමුව පැවැත්වෙන්නේ.