අපේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ, කොහොම ද අපි සිංගප්පූරුවේ ධාවන තරඟයට යන්නේ ?

අපේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ, කොහොම ද අපි සිංගප්පූරුවේ ධාවන තරඟයට යන්නේ ?

රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකව ම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය බරින් නිදහස් වූ මෙන් ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනගන බව අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොම ද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසි ම ප්‍රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ. එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ.

අපි ඒ එංජිම හදන්නේ මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා. තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරලා ලෝකය සමග තරග කරන්න තමයි මේ රේසින් කාර් එක හදන්නේ. මම විශ්වාස කරනවා එය ජයග්‍රහණය කිරීමට ඔබ සියලු දෙනාට හැකියාව තිබෙනවා කියලා.

පළමුවෙන් ම, රට තුළ ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්, වගේ ම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේ ම ඉතා ම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒකට තමා මේ ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්නේ. පරණ ක්‍රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක. ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මොක ද අනාගතය අයිති ඔබ සියලු දෙනාට.” යනුවෙන්

COMMENTS