කාදිනල් හිමිගේ පරංගි කතාවට ඩයනාගෙන් සැර පිළිතුරක්

කාදිනල් හිමිගේ පරංගි කතාවට ඩයනාගෙන් සැර පිළිතුරක්

පසුගියදා කාදිනල් හිමියන් පැවසූ ප්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින් අමාත්‍යවරිය කියා සිටියේ තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

කාදිනල් හිමියන් කවුරුන් හෝ නොමග යවා ඇති අතර, මෙරට තුළට කතෝලික දහම පවා ගෙනාවේ පරංගි බව මතක් කළ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කියා සිටියේ, කතෝලික ආගම ගෙන ආ පරංගි කාදිනල් හිමියන්ට හොඳ නොවුණේ ඇයි දැයි ද ප්‍රශ්න කරමින්.

රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවත් ඩයනා ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාවට කංසා පළමු වරට ගෙනාවේ පරංගියා බවත්, එය නැවැත්තුවේ බ්‍රිතාන්‍යය ජාතිකයින් බවයි ඇය කියා සිටියේ.

මේ හේතුවෙන් කංසා කතාවට විරෝධය පාමින් කාදිනල් උන්වහන්සේ මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ කාගේ හෝ කියමනකට නොමග ගොස් බව ද රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරනවා.

තමන් පරංගියෙකු නොවන අතර, සිය පරපුරේ පණ්ඩිත හාමුදුරුවරුන් ද සිටින බවත් ඇය මතක් කළා.

එබැවින් ආගමික නායකයින් ආගම්වල වැඩකටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බවත්, තමන්ගේ පැහැදිලි කිරීම් නොතේරෙන්නේ නම්, පැමිණ හෝ ඒ බව විග්‍රහ කරදීමට තමන් සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (14) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ.

COMMENTS