පේරු පෙරලන අරගලය

පේරු පෙරලන අරගලය

රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් පේරු රාජ්‍යයේ මාර්ග අවහිර කොට විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවල නියැලෙන්නේ හිටපු ජනාධිපති පෙද්‍රෝ කැස්ට්‍රෝගේ ආධාරකරුවන් බවයි, එරට රජය පවසන්නේ.

දින කිහිපයකට පෙර පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති පෙද්‍රෝ කැස්ට්‍රෝ දුෂණ චෝදනා මත එරට පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝග යෝජනාවන් හේතුවෙන් බලයෙන් පහ කරනු ලැබුවා.

එරට උප ජනාධිපතිනිය වූ ඩීනා බොලුවිආර්ත් 2026 වර්ෂය දක්වා නව විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව මඟින් තෝරා පත්කර ගනු ලැබුවා.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කිරීමේ චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ යටතේ අත්අඩංගුවේ පසුවනවා.

හිටපු ජනාධිපති පෙද්‍රෝ කැස්ට්‍රෝගේ ආධාරකරුවන් ඔහුව බලයෙන් පහ කිරීම පිළිබඳ රට පුරා විරෝධතා වල නියැලෙනවා.

මේ දක්වා විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හට ගත් දරුණු ගැටුම්වලින් 7 දෙනෙකු මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වෙන්නේ.

https://bit.ly/3YnAFCv