ඇමරිකාව යුක්‍රේනයට දෙන්න හදන අලුත් තෑග්ග

පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් යුක්‍රේනයට යැවීමට, ඇමෙරිකාව සැලසුම් කරමින් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ මෙම පියවර ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි, වාර්තා වෙන්නේ.
ඇමෙරිකාවේ වඩාත්ම දියුණු ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් වන පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්දතිය, මගින් කෘස් මිසයිල මෙන්ම, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ද බිම හෙළීමට හැකියාව තිබෙනවා. තියුණු රේඩාර් පද්ධතියකින් සමන්විත මෙම ගුවන් ආරක්ෂක පද්දතිය මගින්, ඕනෑම වර්ගයේ මිසයිලයක් ඉහළ අහසේදී විනාශ කිරීමට හැකියාව තිබෙනවා.
රුසියාව විසින් යුක්‍රේන බලශක්ති බලාගාර ඉලක්කකරගෙන එල්ල කරන මිසයිල ප්‍රහාර මැඩපැවැත්වීමට යුක්රේන බලධාරීන් දියුණු ගුවන් ආරක්ෂක පද්ධතියක් බටහිර රටවල් වලින් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි, මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය එරටට ලබා දෙන්නටයි, ජෝ බයිඩන් ගේ පරිපාලනය තීරණය කොට ඇත්තේ.

