ප්‍රධාන දේශපාලන නායකයින් ගැන ජනතාව කළකිරෙයි – සමීක්ෂණයකින් එළියට

ප්‍රධාන දේශපාලන නායකයින් ගැන ජනතාව කළකිරෙයි – සමීක්ෂණයකින් එළියට

මෙරට සියලු ම ප්‍රධාන දේශපාලන නායකයින් ගැන රටේ ජනතාව දිගින් දිගට ම සෘණාත්මක අදහස් දරණ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් කරන ලද නවතම සමීක්ෂණය තුළින් හෙළිදරව් වී තිබෙනවා.

එහි දී සිදු කරන ලද මත විමසුමට (SLOTS) අනුව එක් එක් දේශපාලන පක්ෂවල නායකයින් විසින් ලබා ගන්නා ලද ශ්‍රේණිගත ලකුණු අනුව ඉකුත් නොවැම්බරයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් පක්ෂ නායකයින් හා සැසඳීමේ දී පෙරමුණේ පසුවන්නේ, අවම සෘණ ශ්‍රේණිගත කිරීමක් සහිතව කුඩා ආනතියක පසුබෑමක් පෙන්නුම් කරමින්.

ඒ අනුව අදාල මාසයේ දී ජනාධිපතිවරයාගේ එම අගය දැක්වුණේ -46%ක් ලෙසයි.

නමුත් එම වාර්තාවට අනුව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ප්‍රබල පසුබෑමක් පෙන්නුම් කරන අතර, ඔහුට එම සමීක්ෂණයේ ලැබී තිබූ ශ්‍රේණිගත අගයන් වූයේ 57%ක අගයක්.

කෙසේ නමුත් මෙම ශ්‍රේණිගත අගයන් අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක -55%ක අගයක් ලබා ගනිමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වඩා ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් එම වාර්තාව අනුව අනාවරණය කෙරෙන විශේෂ කරුණක් වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාල‍ය පුරාවට ම අදාල අගයන්හි -80%ට වඩා වැඩි තත්ත්වයක් පෙන්නුම් කළත් ගත වූ නොවැම්බර් මාසය අවසන් වන විට ක්‍රමයෙන් එය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

පසුගිය කාලසීමාව පුරාව ම දරුණු ලෙස දුර්වල වූ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වූ ජනතා කැමැත්ත ඉකුත් නොවැම්බරයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් දෙවැනි වන තත්ත්වයක් දක්වා ජනප්‍රිය අතින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අදාලව වාර්තාවේ ශ්‍රේණිගත දත්ත අගය දැක්වුණේ -51%ක් ලෙසයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් මෙම සමීක්ෂණය 2021 අගෝස්තු මාසයේ සිට සිදු කෙරෙන අතර දිවයිනේ ප්‍රමුඛ දේශපාලඥයින් කෙරෙහි ජනතාවගේ කැමැත්ත පිළිබඳව ශ්‍රේණිගත කිරීමක් සිදු කරනවා.

කෙසේ නමුත් 2021 වසර අවසන් වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වඩා ජනප්‍රසාදයක් ගිමිකරගෙන සිටි බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

(එම වාර්තා දත්ත පහතින්)