මහජන සේවය ඉටු නොකිරීම ගැන රාජ්‍ය සේවකයන් හේතු ඉදිරිපත් නොකළ යුතුයි

මහජන සේවය ඉටු නොකිරීම ගැන රාජ්‍ය සේවකයන් හේතු ඉදිරිපත් නොකළ යුතුයි

රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිනොකර ගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම, රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව සහ ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහලේ වියදම් සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවයි.

COMMENTS