මෛත්‍රීගෙන් නව වසරේ අලුත් සන්ධානයක්

රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදියි
තමන්ට නින්දා අපහාස කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපති ධුරය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද බැහැ දුටුවා.

