ලොව ධනවත්ම ලැයිස්තුවෙන් පහළට වැටුණු “මස්ක්” තවත් කොටස් විකුණයි

ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විදුලි මෝටර් රථ නිෂ්පාදක ටෙස්ලා හි ඩොලර් බිලියන 3.58ක් (පවුම් බිලියන 2.9) වටිනා තවත් කොටස් මිලියන 22ක් විකුණා ඇති බව වාර්තා වනවා.
එක්සත් ජනපද මූල්‍ය නියාමකයෙකු වෙත ගොනු කිරීමකට අනුව මෙම කොටස් මෙම සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල විකුණා ඇති බව සඳහන්.
එය පසුගිය වසර තුළ මස්ක් විසින් අලෙවි කරන ලද ටෙස්ලා කොටස් ප්‍රමාණය ඩොලර් බිලියන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම සතිය මුල දී මස්ක්ට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුගේ ස්ථානය ද අහිමි වුණා.

