කොවිඩ් 19 ගැන තවදුරටත් බිය විය යුතු නැහැ – ටෙඩ්රෝස්

කොවිඩ් 19 ගැන තවදුරටත් බිය විය යුතු නැහැ – ටෙඩ්රෝස්

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබි්‍රයේසස් පවසනවා.

කොවිඩ් 19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වසරේ දී යි.

වෛරසය හිස එසවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින්.

2020 වනවිට කොවිඩ් 19 ගෝලීය වසංගතයක් බවට පත් වුණා.

කෙසේ වෙතත් තවමත් කොවිඩ් 19 චිනයට හිසරදක්.

චීනය කොවිඩ් 19 පාලනයට පැනවූ සෞඛ්‍ය සීමා ජනතා විරෝධය හේතුවෙන් ලිහිල් කර සහ ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ව්‍යාප්තිය පාලනසයකින් තොර ව සිදු වන බවද ඔහු ප්‍රකාශ කළා.

එහෙත් ලොව සෙසු රටවල මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනත් බවත් සාර්ථක එන්නත්කරණයත් කොවිඩ් 19 වෛරසයේ සැර බාලවීමත් සමඟ වෛරස අවදානය කෙමෙන් පහව ගොස් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියා.

ජීනීවා නුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ තවදුරටත් කොවිඩ් 19 සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.

https://reut.rs/3j2MCgL

COMMENTS