දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගැන සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන රමේෂ් ශාෆ්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ පවුලේ සාමාජිකයින් කරුණු තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවය.
ඒ හේතුවෙන්, ඔවුන්ගේ හැඟීම්වලට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ත් සත්‍ය කරුණු හෙළිවන තෙක් සිටින ලෙස ත් ඔහු එහි දක්වා තිබේ.
බොරැල්ල පොදු සුසාන භූමියේ දී දෑත් ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටි 143ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන්ද මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි එම දෙපාර්ත්මේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම බොරැල්ල පොදු සුසාන භූමියේ සහ ඒ අවට ඇති සී සී ටී වී කැමරා මෙන්ම දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමද ආරම්භ කර තිබෙනවා.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් පැහැර ගෙන ගොස් බොරැල්ල කනත්තේ දමා ගොස් තිබීය දී හමු වූ අතර සොයා ගන්නා අවස්ථාවේ බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.
මිය යන විට 51 වැනි වියෙහි පසු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්, මල් පාරේ පිහිටි සිය නිවසෙන් පෙරේදා (14) දහවල් පිටත්ව ගොස් ඇත්තේ ණයහිමියෙකු මුණ ගැසීමට බව පවසමින් බවත් ඔහුගේ දුරකතනය ටික වේලාවකින් ක්‍රියාවිරහිත වී තිබුණු බව බිරිඳ පවසා තිබෙනවා.
දුරකතනය හරහා ලැබුණු සංඥා අනුව එම දුරකතනය බොරැල්ල කනත්ත අසල ඇති බව අනාවරණය වීමෙන් සැක සිතූ බිරිඳ එහි පැමිණ පරික්ෂා කර තිබෙනවා.
එහිදී දැක ඇත්තේ දැඩි ලෙස පහර කෑමට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ දෑත් බැඳ ගෙල ද ප්ලාස්ටික් පටියකින් ගැට ගසා දමා ගොස් ඇති බවයි.

