ජෝර්දානයේ ආණ්ඩුවට එරෙහිව අරගලයක්

ජෝර්දානයේ ආණ්ඩුවට එරෙහිව අරගලයක්

ජෝර්දානයේ දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇති අතර, මෙම කෝලාහලවලින් පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවන වියදම සහනදායී තත්ත්වයකට පත් කර දෙන ලෙස ඉල්ලා ඊයේ (16) දිනයේ දීත් පෙරේදා දිනයේදීත් විරෝධතා පැවැත්වුණු අතර, එම තත්ත්වය මර්දනයට ගිය පොලිස් නිලධාරියෙකු නාඳුනන තුවක්කුකරුවෙකු තැබූ වෙඩිල්ලකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඒ ජෝර්දානයේ මාන්හි ප්‍රදේශයේදියි.

මෙම පොලිස් නිලධාරියාගේ මරණයෙන් පසුව දින ජෝර්දානයේ ඉන්ධන මිල ද ඉහළ දමා ඇති අතර, විරෝධතාකරුවන් පොලිස් නිලධාරියාගේ දේහය ද ඔසවා ගනිමින් පවතින ආණ්ඩුවට දැඩි විරෝධය පළ කළ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

https://bit.ly/3FEeMWS

COMMENTS