පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටන අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරඟය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ ලෝක ශූරයින් දෙපිළක් වන ප්‍රංශය සහ ආජින්ටිනාව අතරයි.
මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට අවසාන මහා තරඟය ආරම්භ වීමට නියමිතයි.
ප්‍රබල ප්‍රංශ කණ්ඩායමේ නායකත්ව වගකීම Kylian Mbappé ට හිමිව ඇති අතර, ලියොනල් මෙසී ආජින්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
එමෙන්ම ලියොනල් මෙසීගේ අවසන් ලෝක කුසලානය ද මෙය වෙනවා.
අද තරඟය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ Lusail Stadium පිටියේදියි.
ප්‍රංශය සහ ආජින්ටිනාව මීට පෙර ලෝක කුසලාන පාපන්දු ශූරයින් බවට දෙවතාවක් පත්ව තිබෙනවා.
ඒ වර්ෂ 1930 සිට 2018 දක්වා කාල වකවානු තුළ පැවැත්වූ ෆිෆා තරගවලදියි.
එම නිසා අද තරඟය ඉතා තියුණු මුහුණු වරක් ගනු ඇතැයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

