කොත්තු, ෂෝටීස්වල මිල බසී

කොත්තු, ෂෝටීස්වල මිල බසී

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 10 කින් පහත දමන බව, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල ද රුපියල් 10කින් අඩු කෙරුණා.

එමෙන්ම වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල ද අඩු කෙරුණු අතර, එය රුපියල් 28කින් බවයි වාර්තා වන්නේ.