යෝධ මාළු ටැංකියක් පුපුරා යයි – මාළු දහස් ගණනක් මරුට

බර්ලිනයේ Radisson Blu හෝටලයේ හි ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් අදාළ හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යට වී ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉකුත් 16 වැනිදා මෙලෙස පුපුරා ගිය මෙම මාළු ටැංකිය ඇක්වා ඩෝම් ලෙසින් හැඳින්වෙන අතර එහි මසුන් එක් දහස් පන්සීයක් පමණ සිට තිබෙනවා.
උසින් මීටර් 15.85 (අඩි 52)ක් වූ මෙම දැවැන්ත මින් මැදුර ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ද වාර්තා පොත්වලට ඇතුලුත්ව තිබූ එකක්.
මින් මැදුර පුපරා යාමෙන් පසු එහි තිබූ වීදුරු ප්‍රදේශය පුරා විසිරී යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ජර්මානු පොලිසිය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බර්ලිනයේ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මින් මැදුරේ සිටි මත්ස්‍යයන්ගෙන් අතිමහත් බහුතරයක් මිය ගොස් ඇති අතර සීතල කාලගුණය එම මත්ස්‍යයන්ගේ දිවි ගලවා ගැනීමේ උත්සාහය වඩාත් දුෂ්කර වීමට හේතූ වු බවයි.
කෙසේ නමුත් ඉන් මුදාගත් මත්ස්‍යයින් වෙනත් ආරක්ෂිත මින් මැදුරක තැන්පත් කිරීමට පියවර ගත් බවත් ජර්මානු ගිනි නිවන හමුදාවේ නිලධාරි ජේම්ස් ප්‍රකාශ කළ බවට එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
මෙම මාළු ටැංකිය පුපුරා යාමට හේතුව තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව ද ජර්මානු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළ බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.


