වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනපති ඉල්ලයි

වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනපති ඉල්ලයි

වි‍‍‍‍ශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ විශේෂ ලිපිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට සහ දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ඊයේ (17) පස්වරුවේ භාරදුන් බවය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරිමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS