වසර 36කට පසු මෙසී ප්රමුඛ ආජන්ටිනාව ලෝක පාපන්දු කුසලානය අතට ගයි

මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාවය වසර 36කට පසු හිමිකර ගැනීමට ප්රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
ඒ, පාපන්දු ලෝලීන්ට විස්මිත අවසන් මහා තරගයක අත්දැකීම් ලබා දෙමිනි.
ඒ අනුව පසුගිය ලෝක ශූර ප්රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.
තරඟය නියමිත කාලයේදී ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදුන්නේය.
එහිදී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.
ඒ අනුව, මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ආර්ජන්ටිනාව සමත් විය.
ලෝක කුසලාන අවසන් මහා තරගයකදී ගෝල ත්රිත්වයක් ලබා ගත් දෙවන ක්රීඩකයා බවට කිලියන් එම්බාප්පේ පත් වුණු අතර ඔහු ‘ගෝල්ඩන් බූට්’ සඳහා හිමිකම් කීය.
‘ගෝල්ඩන් ග්ලව්’ ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා වන එමිලියානෝ මාර්ටිනස් දිනාගත් අතර ලයනල් මෙසී ‘ගෝල්ඩන් බෝල්’ හිමි කරගත්තේ ය.
ආර්ජන්ටිනාව ලෝක කුසලානයක් දිනාගත් තෙවන අවස්ථාව මෙය වේ.



