එලෝන් මස්ක් ට්විටර් සමාගමේ ඉහළ පුටුවෙන් ඉවත් විය යුතු බවට මතයක්

ප්රකෝටිපති ව්යාපාරික එලෝන් මස්ක් ඔහුගේ අනාගතය පිළිබඳ පැවති මත විමසුමේ දී මිලියන 17.5ක් එනම් 57.5%ක පරිශීලකයන් පිරිසක් මොහු ට්විටර් සමාගමේ ප්රධාන විධායක ධූරයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය ප්රකාශ කර තිබෙනවා.
තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඔහු සිය පරිශීලකයන් මිලියන 122ක් අතර මෙම මත විමසුම පවත්වනු ලැබුවා.
කෙසේ වෙතත් ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගත් මස්ක් ප්රකාශ කර ඇත්තේ තමා මෙම මත විමසුම අවසන් වීමට පෙර එහි ප්රතිඵලයට අනුව කටයුතු කරන බවයි.

