යළි විදුලි බිල වැඩි කළොත් ජනතාව සමඟ පාරට බහිනවා – සජිත් ප්‍රේමදාස

රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල වැඩි කිරීමට උත්සහ කළහොත් ජනතාව සමඟ පාරට බහින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ රඹුක්කන ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස්,
“අද දරුවන්ට පාසල් උපකරණ අරන් දෙන්න අම්මලා තාත්තලා මාසයක් පුරාවට උපයාගත්තු දේ විය පැහැදැම් කරන්න වෙලා. බෙහෙත් හේත් ලබාගන්න මුළු මාසයක්ම උපයා ගත්තු දේ වියපැහැදම් කරනවා.
ලක්ෂ 220කට විදුලි බිල වැඩි කරලා කරන්ට් වැද්දුවා. දැන් මේගොල්ලෝ තව දෙපාරක් විදුලි බිල වැඩි කරනවාලු . තමුන්නාන්සේලාට මේවා විඳදරා ගන්න පුළුවන් ද? තමුන්නාන්සේලාට මේවා උහුලා ගන්න පුළුවන් ද? මිත්‍රවරුනේ මේ රාජපක්ෂ හා කල්ලිය මේ රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව ආයෙත් වරක් ලයිට් බිල වැඩි කරන්න ආවොත් ඒකට විරුද්ධව ජනතාවත් එක්ක පාරට බහින්න සූදානම්.
බලන්න අද නිර්මාණය වෙලා තියෙන දැවැන්ත ඛේදවාචකය. අපිට ආරංචි දැන් රටේ ජනතාව ශරීර කොටස් අලෙවි කරන්න යනවා සල්ලි නැතිව. හෙට අනිද්දා දැන්වීම් පළ කරයි වකුගඩු විකුණන්න තියෙනවා කියලා. පෙනහලු විකුණන්න තියෙනවා කියලා. හැබැයි රටේ නායකයා කරන්නේ මුළු රට ම විකුණන එකයි. අද අපේ මාතෘ භූමිය වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා.
මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂ්‍යක් නිර්මාණය කරලා අපේ ආණ්ඩුව තුළ රට විනාශ කරපු හොර කල්ලිය රටින් පන්නපු ඩොලර් ටික නැවත අපේ රටට අපි ලබාගන්නවා. අපේ රට ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මම මේ වේදිකාවට ජනතාව අතරින් ඇවිදගෙන එනකොට අම්මලා මගේ ළඟට ඇවිත් කියනවා මගේ දුවා පුතා විශ්වවිද්‍යාලයට යනවා කර කියා ගන්න දෙයක් නෑ මහත්තයෝ කොහොම ද ඒ දූ දරුවන්ට අවශ්‍යතා අපි සුපරා දෙන්නෙ කියලා. තව පොඩ්ඩක් දුර ඇවිදගෙන එනකොට තවත් අහිංසක අම්මලා කියනවා පාසල් යන දූදරුවන්ට පොතපත ලබා දෙන්න හැකියාවක් නෑ කියලා.
මිත්‍රවරුනි අද මොකක් ද වෙලා තියෙන්නේ. රට විනාශ කරපු, රට බංකොලොත් කරපු, රට කුජීත කරපු, පොහොට්ටු කල්ලිය හොර අලිත් එක්ක එකතු වෙලා ඒගොල්ලන් එනවලු රට ගොඩනගන්න. ඒගොල්ලො එනවා රඹුක්කන ගොඩගන්න. එහෙම කියලා එකතු වෙන්න කියලා දැන් ඒ අය නැඟිටින්න කිහිලිකරු හොයනවා. දේශපාලන කිහිලිකරු.
මිත්‍රවරුනි මේ ඩීල් දේශපාලනය අපි පරාජය කරන්න ඕනේ.” යනුවෙන්

