රත්වෙන 2023

රත්වෙන 2023

එළැඹෙන වසර මේ වසරට වඩා වඩාත් උණුසුම් වනු ඇති බව, කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. එසේම ඉතිහාසයේ වඩාත්ම උණුසුම් වසර ලබන වසර විය හැකි බවයි, ඔවුන් පවසන්නේ.

බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ, පසුගිය වසර 10 තුළ අඛණ්ඩ උෂ්ණත්ව වාර්තා බිඳ දමමින් ගෝලීය උණුසුම ඉහළ යමින් පවතින බවයි.

“ලා නීනා” නැමති ස්වභාවික ශීතකරණ සංසිද්ධිය වසර තුනකට පසුව ලබන වසරේ අවසන් වීමට ද නියමිත බවද, ඔවුන් පවසනවා.

2015 පැරිස් සම්මුතියේ දී ලොව රටවල් එළඹුනු එකඟතාව නම්, පූර් ව කාර් මික යුගයේ පැවති මට්ටමට වඩා, ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමයි.

මේ වන විටත් ගෝලීය උණුසුම පූර්ව කාර්මික අවධියේ පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති බවයි, විද්‍යාඥයින් පවසන්නේ.

2023 වසර අවසන් වන විට මෙම අගය සෙල්සියස් අංශක 1යි දශම 3යි 2 ක අගයක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවට අනුමාන කෙරෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීමේ වගකීම රාජ්‍ය නායකයන් හෝ රාජ්‍යන් මත ප්‍රධාන වශයෙන් පැවරී තිබුණ ද, ලොව සියලු පුරවැසියන් සිය පෞද්ගලික දායකත්වය ඒ සඳහා දක්වන්නේ නම්, මෙය පාලනය කිරීම අපහසු නොවන බවයි, විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

https://bbc.in/3HPCi65