වසර 12කට පස්සේ අලි ගණන් කරන්න යයි

වසර 12කට පස්සේ අලි ගණන් කරන්න යයි

වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අවසන් වරට මෙරට වන අලි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2011 වසරේදීයි.

එම වසරේ සමීක්ෂණ වාර්තා මෙරට වන අලි ගහනය 5000 ඉක්මවා තිබුණි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ දැනට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සමීක්ෂණය සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන මෙරට සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසරවේදීන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය ලබා ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන අලීන්ගෙන් මහත් බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍ය අමරවීර මහතා පැවසුවේ, එබැවින් මෙරට වනඅලි ගහනය හෙළිදරව් කර ගැනීම මෙන්ම වනඅලි සහ මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මෙම සමීක්ෂණයෙන් හෙළිවන කරුණු ඉතා වැදගත් වනු ඇති බවයි.

COMMENTS